ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් T20 තරගය අද...

තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කරන, ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් T20 තරගය අද...

by Staff writer 07-09-2025 | 8:56 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ, අවසන් තරගය අද (09) පැවැත්වේ.

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගාවලිය මෙයයි.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය.

ඊයේ(6) පැවැති දෙවැනි තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජය ගත්තේ, කඩුලු 5 කින්.

කණ්ඩායම් දෙකම සම ස්ථානවල පසුවීම හේතුවෙන් අද තරගය දෙරටටම වැදගත්.

හරාරේහීදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 5 ට තරගය ආරම්භ වේ.