.webp)
හරාරේහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 80ක්.
කමිල් මිශාර ලකුණු 20යි.
දසුන් ශානක ලකුණු 15ක් රැස් කළේ ය.
නායක චරිත් අසලංක ලකුණු 18යි.
ශ්‍රී ලංකා පිතිකරුවන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය.
බ්‍රැඩ් එවන්ස් සහ සිකන්දර් රාසා අතර කඩුලු 3 බැගින් බෙදී ගියේ ය.
ලකුණු 81ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රයන් බෙනට් ලකුණු 19යි.
රයන් බර්ල් නොදැවී ලකුණු 20ක් රැස් කරගෙන සිටියේ ය.
සිම්බාබ්වේ කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 14යි පන්දු 2කදී කඩුලු 5ක් දැවී සිටියදී යි.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය දෙපිලම තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවේ.
මෙම තරගාවලියේ තුන්වැනි තරගය හෙට පැවැත්වීමට නියමිතයි.