.webp)
ප්‍රථිපල www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් ලබා ගත හැකියි.
පසුගිය අගෝස්තු 10 වැනිදා පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 3670කි.
මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රිත්ක සඳහා වන කඩඉම් ලකුණු සීමාවන් ප්‍රකාශයට පත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ලකුණු ලබා ගෙන ඇති බවයි.
කොළඹ , ගම්හප , කළුතර , මහනුවර , මාතලේ , ගාල්ල , මාතර , කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය පාසල් සඳහා වන කඩඉම් ලකුණු සංඛ්‍යාව 140කි.
එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය පාසල් සඳහා වන කඩඉම් ලකුණු සංඛ්‍යාව 134ක් වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය සඳහා වන කඩඉම් ලකුණු සංඛ්‍යාව 136 ක් වන අතර දෙමළ මාධ්‍ය පාසල් සඳහා වන කඩඉම් ලකුණු සංඛ්‍යාව 132 කි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය සඳහා වන කඩඉම් ලකුණු සංඛ්‍යාව 135ක් වන අතර දෙමළ මාධ්‍ය සඳහා වන කඩඉම් ලකුණු සංඛ්‍යාව 132ක් ලෙස දැක්වේ.
බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය සදහා කඩඉම් ලකුණු සීමාව දැක්වෙන්නේ 134ක් ලෙසයි.
එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය පාසල් සඳහා වන කඩඉම් ලකුණ 132කි.
අම්පාර , ත්‍රිකුණාමලය , පුත්තලම , අනුරාධපුරය පොළොන්නරුව දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය පාසල් සඳහා වන කඩඉම් ලකුණ 133ක් ලෙස දැක්වේ
සෙසු දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු පිළිබඳ ලේඛණය පහතින් දක්වා තිබේ.