අභිමානවත් 159 වැනි පොලිස් දිනය අදයි..

'159 වැනි පොලිස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

by Staff writer 03-09-2025 | 1:04 PM

COLOMBO (News 1st) - අද (03) පස්වරු 2 සිට රාත්‍රි 7 දක්වා හයිලෙවල් මාර්ගය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඒ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී පැවැත්වෙන 159 වැනි ජාතික පොලිස් දින සැමරුම් උත්සවය හේතුවෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම සැමරුම් උළෙල පැවැත්වීමට නියමිතය.

ඒ අනුව කොළඹ තුම්මුල්ල මන්සන්ධියේ සිට තිඹිරිගස්යාය මන්සන්ධිය දක්වා කලාපයේ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වේ.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවන මංතීරුවේ ඇති බස් නැවතුම එම කාලය තුළ හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දිය දක්වා රැගෙන යන බව පොලීසිය පැවසුවේ ය.

උත්සවය පැවැත්වෙන කාලය තුළ තුම්මුල්ල සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා පස්වරු 2 සිට රාත්‍රි 7 දක්වා බර වාහන ඇතුළු කිරීමද  සීමා කර ඇති බව පොලීසිය සදහන් කළේය.