බවුසරයක් හා ලොරියක් ගැටීමෙන් එක් අයෙකු මරුට.

මධ්‍යම අධිවේගී මාර්ගයේ බවුසරයක් හා ලොරියක් ගැටීමෙන් එක් අයෙකු මරුට.

by Staff writer 03-09-2025 | 7:32 AM

COLOMBO (News 1st) - මධ්‍යම අධිවේගි මාර්ගයේ 41 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී ලොරියක් හා බවුසරයක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, කුරුණැගල සිට මීරිගම දෙසට ධාවනය වූ ලොරියක අද(03) අළුයම බවුසරයක් ගැටී ලොරිය අඩි 25 ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවයි.

එම අවස්ථාවේදී බවුසරයද ලොරිය මතට වැටී තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ බවුසරයේ සිටි රිය සහයකයායි.

බවුසරයේ රියැදුරු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් තර තිබේ.

පොලීසිය පැවසුවේ, බවුසරය ලොරිය මතට වැටීමෙන් එහි රියදුරා සිරවී ඇති බවයි.

ඔහු මුදා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබේ.