පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාර 3කින් 25 ක් මරුට

පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රාන්තයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ ප්‍රහාර 3කින් 25 ක් මරුට

by Staff writer 03-09-2025 | 10:07 AM

COLOMBO (News 1st) - පාකිස්ථානයේ බලොචිස්තාන් පළාතේ දේශපාලන රැළියක් අතරතුර සිදුවූ බෝම්බ  ප්‍රහාර තුනකින් 25 දෙනෙකු මියගොස් තිබේ.

තවත් 40 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව බලධාරීන් සඳහන් කරන කළේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාර තුනෙන් එක් ප්‍රහාරයක් සිදුකර තිබූ අතර ක්වෙටාහී ක්‍රීඩාංගණයක වාහන නැවැත්වීමේ අංගනයේ මෙම මරාගෙන මැරෙන පිපිරීම සිදුව තිබුණි.

පිපිරීම් සිදුවන විට, එම රැළියට බලොචිස්තාන් ජාතික පක්ෂයේ සාමාජිකයින් සිය ගණනක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පක්ෂයේ ප්‍රධානී අක්තාර් මෙන්ගල් එම රැලියේදී කතා කිරීම අවසන් කර පිටව යමින් සිටියදී එම ප්‍රහාර සිදුව තිබේ.