රාජිතට සහ ලංසාට නිවෙසින් ආහාර රැගෙන ඒමට අවසර

රාජිතට සහ ලංසාට නිවෙසින් ආහාර රැගෙන ඒමට බන්ධනාගාරයෙන් අවසර..

by Staff writer 01-09-2025 | 8:46 AM

COLOMBO (News 1st)-රාජිත සේනාරත්න සහ නිමල් ලංසාට නිවෙසින් ආහාර රැගෙන ඒමට අවසර දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, ඔවුන් කළ ඉල්ලීමකට අනුව ඊට අවසර දුන් බවයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වෙයි.

නිමල් ලංසා මහතා බන්ධනාගාර ගත කර ඇත්තේ, ලබන 12 වැනිදා දක්වායි.

2006 වසරේ පළාත් පාලන ඡන්දය පැවති කාලසීමාවේ එවක මීගමුව උප නගරාධිපතිවරයාගේ නිවසකට පහරදී අනර්ථය සිදුකිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු ගොනු කර තිබේ.