පෑලියගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු මරුට..

by Staff writer 19-08-2025 | 3:36 PM

COLOMBO (News 1st) - පෑලියගොඩ, මත්ස්‍ය වෙළෙඳපොළ ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 45 හැවිරිදි අයියප්පන් ප්‍රභූ නැමැති, අළුත්මාවත කොළඹ 15 ප්‍රදේශයේ පදිචිකරුවෙකි.

අද පෙරවරු 9:30 පමණ සිදුවූ වෙඩි තැබිමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුවේ ය.

පොලිසිය පැවසුවේ, මත්ස්‍ය වෙළෙඳපොළේ සේවයේ නිරතව සිටි අයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි තැබීමෙන් මාර්ගයේ පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ද තුවාල ලැබුවේ ය.

පොලිසිය පැවසුවේ, ඔහු තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

වෙඩි තැබීම සඳහා T56 ගිනි අවියක් උපයෝගී කරගන්නට ඇතැයි, සැක පළ කරයි.

පොලිසිය ප්‍රකාශ කළේ, සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර දීර්ඝ කාලීනව පවතින ගැටුමක ප්‍රථිපලයක් ලෙස මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයා ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇතැයි, මෙතෙක් කරන ලද විමර්ශනෙවලදී අනාවරණය වූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.