හිටපු ඇමති රාජිතගෙන් අධිකරණයට මෝසමක්...

වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන්න - හිටපු ඇමති රාජිතගෙන් අධිකරණයට මෝසමක්..

by Staff writer 18-08-2025 | 4:37 PM

COLOMBO (News 1st) - වරෙන්තු ලැබ සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අදාළ වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසම් පත්‍රයක් ගොනු කරමිනි.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන, සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට වරෙන්තු නිකුත් කර තිබේ.

මෝසම සලකා බැලුණේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේයි.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකර සිටීමට කටයුතු කළාය.

මහේස්ත්‍රාත්වරිය නීතීඥවරුන්ට දන්වා සිටියේ, පැමිණිලි පාර්ශ්වය අධිකරණය හමුවේ පෙනී සිටින දිනයක නැවත මෝසමක් ගොනුකරමින් අදාළ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසය.