කටුනායක ගුවන්තොටුපොළෙන් දැනුම් දීමක්..

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) පිටත්වීමේ පර්යන්ත ආලින්දයට අමුත්තන්ට ඇතුළුවීමට සීමා

by Staff writer 18-08-2025 | 5:13 PM

COLOMBO (News 1st) - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්ත ආලින්දයට, අමුත්තන්ට ඇතුළුවීම සීමා කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින්, ගුවන්තොටුපළ හා ගුවන් සේවා පුද්ගලික සමාගම පැවසුවේ, ඒ අනුව බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල එම සීමා කිරීම සිදු කෙරෙන බවයි.

එම දිනවල රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය දක්වා එම සීමා කිරීම ක්‍රියාත්මක වේ.

කාර්යබහුල වේලාවන්හීදී මෙහෙයුම් කටයුතු පහසුවෙන් සිදු කිරීම හා තදබදය කළමණාකරණය කිරීම සඳහා එම පියවර ගත් බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා පුද්ගලික සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්.