බහලුමකට යටවීමෙන් කොළඹ වරායේ සේවකයෙකු මරුට

බහලුමකට යටවීමෙන් කොළඹ වරායේ සේවකයෙකු මරුට

by Staff writer 09-08-2025 | 1:07 PM

COLOMBO (News 1st) – බහලුමකට යටවීමෙන් කොළඹ වරායේ සේවකයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ප්‍රයිමූවර් රථයක රියැදුරෙකු එලෙස මියගොස් ඇති බවයි.

ඔහු පැදවූ ප්‍රයිමූවර් රථයට, බහලුමක් පැටවීමට යාමේදී එය තවත් බහලුමක ගැටී ප්‍රයිමුවර් රථය මතට වැටීමෙන් අනතුර සිදුව තිබේ.

ඉන් බරපතල තුවාල ලැබු ප්‍රයිමුවර් රථයේ රියැදුරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 36 හැවිරිදි වියේ පසුවන දැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධයෙන් සැකපිට බහලුම පැටවීම සිදුකරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරු අත්අඩංගුවට ගෙන තිබේ.