නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදයි

ශාසන ඉතිහාසයේ වැදහත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදයි

by Staff writer 08-08-2025 | 8:01 AM

 COLOMBO (News 1st) –

ශාසන ඉතිහාසයේ වැදහත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් සංවිධාන කර ඇත්තේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමිනි.

සිරසා නමාමි නිකිණි පෝදා වැඩසටහන අද(08) දවස පුරා මහනුවර දෙගල්දොරුව රජමහා විහාරස්ථානයේ සිට සිරසTV. සහ සිරසFM ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

ෙගම්මැද්ද දම්සවිය  පෝදා වැඩසටහන් අද පැවැත්වෙන්නේ තෙල්දෙණිය බඹරගල රජමහා විහාරස්ථානයේදීයි.