ඝානාවේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් 08ක් මරුට

ඝානාවේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට ආරක්ෂක අමාත්‍යවරයා,පරිසර අමාත්‍යවරයා ඇතුළු 08ක් මරුට

by Staff writer 07-08-2025 | 10:30 AM

COLOMBO (News 1st) - ඝානාවේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් අට දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධය වාර්තා කළේ, මියගිය පිරිස අතරට එරට ආරක්ෂක අමාත්‍ය එඩ්වඩ් ඕමානේ බෝමා හා පරිසර අමාත්‍ය ඊබ්‍රහිම් මුර්තලා මුහම්මද් ඇතුළත් බවයි.

මෙය ජාතික ඛේදවාචකයක් බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජූලියස් ඩෙබ්‍රා ප්‍රකාශ කළේ ය.

හෙලිකොප්ටරය ඇක්‍රා අගනුවර සිට ඔබුආසි නගරයේ උත්සවයක් සඳහා පියාසර කරමින් සිටියදී අනතුර සිදුව තිබුණි.

කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.