හිටපු ඇමති ප්‍රසන්න යළි රිමාන්ඩ්...

හිටපු ඇමති ප්‍රසන්න යළි රිමාන්ඩ්...

by Staff writer 04-08-2025 | 6:08 PM

COLOMBO (News 1st) - හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.

ඒ මහර මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවේ නඩුව, අද (04) කැඳවූ අවස්ථාවේදී.

ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණය හමුවේ ගොනු කළ ඇප අයැදුම්පත සලකා බැලීමට ගන්නවාද නැද්ද? යන්න තීරණය ලබන 21 වැනිදා තීරණය කිරීමට නියමිත බව සඳහන්.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළේ යැයි, කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් පසුගියදා අත්අඩංගුවට ගැණින.