අද (04) මහනුවර නගරයේ විශේෂ රථවාහන සැළස්මක්

ප්‍රථම රන්දෝලි පෙරහර වෙනුවෙන් අද (04) මහනුවර නගරයේ විශේෂ රථවාහන සැළස්මක්

by Staff writer 04-08-2025 | 1:13 PM

COLOMBO (News 1st) ප්‍රථම රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කරනු ලබයි.

එම කාලය තුළ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග පහත පරිදි වේ.

කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියළුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැක.

කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ කන්දේ වීදිය ඔස්සේ මීරමක්කම් පල්ලිය අසලින් ඉදිරියට ගමන් කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැක.

කටුගස්තොට දෙසට පිටවන වාහන දළඳා වීදිය, යටි නුවර වීදිය, කන්දේ වීදීය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කළ හැක.

තැන්නේ කුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොල කුමාරිහාමි මාවතෙන් දකුණට

හැරි බෝගම්බර, දුම්රිය පොල අසලින්ද කොළඹ දෙසට යාමට වම් පසටද, නගරයට යාමට දකුණු පසට යා යුතු වේ. එසේම රජ පිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැක.

නගරයේ සිට අම්පිටිය, තෙල් ල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ රැජිණ හෝටල් පැති දොරටුව අසලට පැමිණ බෝට්ටු සේවය අසලින් සංඝරාජ මාවතට පැමිණ ගමන් කළ හැක. එසේම බෝගම්බර වට රවුම, ඇහැලේපොල කුමාරිහාමි මාවත, රජ පිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය, සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කළ හැක.

මහනුවරට කොළඹ දෙසින් ඇතුළු වන හා නගරයෙන් කොළඹ දෙසට පිටවන වාහන සඳහා පරණ පේරාදෙණිය පාර හා විලියම් ගොපල්ලව මාවත භාවිතා කළ හැක.