ගම්පහ මාර්ග අංක 200 බස් ධාවනයෙන් ඉවත් වෙයි..

ගම්පහ මාර්ග අංක 200 බස් අද පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත් වෙයි..

by Staff writer 04-08-2025 | 10:15 AM

COLOMBO (News1st) - ගම්පහ මාර්ග අංක 200 නැවතුමෙන් ගමන් ආරම්භ කරන සියලුම බස් ධාවනයෙන් ඉවත්ව තිබේ.

ගම්පහ පෞද්ගලික බස් රථ සංගමය පැවසුවේ , ගම්පහ සිට කොළඹ, කිරිඳිවැල, පූගොඩ සහ කඩුවෙල දක්වා ධාවනය කරන සියලු බස් රථ අද පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්ව ඇති බවයි.

ගම්පහ රවුම්කඩේ අසළ බස් රථ නැවැත්වීම සඳහා ඉඩ ලබා නොදීමට එරෙහිව වර්ජනය ආරම්භ කර තිබේ.