.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෙන්ටිමීටර 30ක් පමණ උසට එම සුනාමි රළ ඇතිවූ බවයි.
මේ හේතුවෙන් එරට වෙරළබඩ කලාපයේ විශාල ප්‍රදේශයක සිටින ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
රුසියාවේ කැම්චට්කා අර්ධද්වීපය ආශ්‍රිත සාගරයේ මැග්නිටියුඩ් ඒකක 8.8ක ප්‍රභල භූ කම්පනයක් අද(30) උදෑසන ඇතිවිය.
ඒ හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ බටහිර වෙරළ තීරයට, ඇලස්කා ප්‍රාන්තයේ ඇලුෂන් දූපත්වලට, හවායි සහ ගුවාම් දූපත්වලට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
රුසියාවේ ද කැම්චට්කා අර්ධද්වීපයේ වෙරළබඩ ප්‍රදේශවලට මීටර 4ක් පමණ උසකින් යුතු සුනාමි රළ හටගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි.