මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා

මෙරට පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා

by Staff writer 30-07-2025 | 6:03 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට, මාලදිවයින රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින සංචාරයට සමගාමීව, මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (29) සිට ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.