.webp)
ඒ අනූව තායිලන්තයේ සහ කාම්බෝජ අගමැතිවරුන් අද(28) මලයාසියාවේ දී සාකච්ඡා කිරිමට නියමිතයි.
තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඊයේ(27) පෙරවරුවේ සඳහන් කළේ ය.
ඔහු සදහන් කළේ, දෙරටේ නායකයින් සමග පැවැත්වූ දුරකතන සංවාද වලදී ඒ පිළිබද එකඟතාවකට පැමිණි බවයි.
කෙසේ වෙතත්,, දෙරටේම නායකයින් ඊට සිය කෘතඥතාව පලකර ඇති නමුත්,තායිලන්තය හමුදා මෙහෙයුම් නැවැත්වීමට සූදානම් නොමැති බවට පවසා තිබුණි.
මේ වනවිට ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් 200,000 කට වැඩි පිරිසක් අවතැන් වී තිබේ.