දෙහිවලදී පත්තු නොවුණු ගිනි අවිය

දෙහිවලදී වෙඩි තැබීමේ තැතක් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් වැළකී යයි

by Staff writer 24-07-2025 | 10:41 AM

COLOMBO (News 1st) - දෙහිවල, උද්‍යාන පාර ප්‍රදේශයේදී නගර සභා පරීක්ෂකවරයෙකු ඉලක්ක කර, අද(24) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු අදාළ නිලධාරියා ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල කළ ද, එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බවයි.

අනතුරුව ඔවුන් පලාගොස් තිබේ.

වෙඩි තැබීමට තැත් කර ඇත්තේ, පිස්තෝල අවියකින් වන අතර වෙඩි තැබීමට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 03ක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බව, පොලීසිය සඳහන් කළේ ය.