මිරිදිය ධීවර කර්මාන්තයට බලපෑම්...

ආක්‍රමණශීලී මත්ස්‍යගහනය ඉහළ යාමෙන් මිරිදිය ධීවර කර්මාන්තයට බලපෑම්...

by Staff writer 24-07-2025 | 8:56 AM

COLOMBO (News 1st) - ජලාශවල ආක්‍රමණශීලී මත්ස්‍යගහනය ඉහළ යාමෙන් මිරිදිය ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සදහන් කළේ, ඒ හේතුවෙන් මෙරට මිරිදිය මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් පහළ ගොස් ඇති බවයි.

තත්ත්වය පාලනයට, දිස්ත්‍රීක් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්කර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ය.