මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ සිව්දෙනෙකුට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ සිව් දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණයෙන් මරණ දඬුවම..

by Staff writer 22-07-2025 | 10:05 PM

COLOMBO (News 1st) - මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ හිඟුරක්ගොඩ උනගලාවෙහෙර පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබේ.

එම නියෝගය නිකුත් කරනු ලැබුවේ පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසිනි.

2006 වසරේ දී කුඹුරක පැල්රැකීමට ගිය පුද්ගලයෙකුට පහරදී  ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව ඔවුන් වරදකරුවන් කෙරිණි.

ඔවුන් හිඟුරක්ගොඩ උනගලාවෙහෙර ප්‍රදේශයේ පදිංචි 64,42,37,49 වියේ පසුවන පුද්ගලයින්වේ.

පහරදීමට පුද්ගලයින් හය දෙනෙකු සහභාගි වී ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වන විට මියගොස් ඇතැයි සඳහන්.