.webp)
පොලීසිය පැවසුවේ, ඔවුන් ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, 12 හැවිරිදි දියණිය, 30 හැවිරිදි ඇගේ මව සහ 44 හැවිරිදි තවත් පුද්ගලයෙක්.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ තිදෙනාම ත්රීරෝද රථයේ පසුපස ගමන් කර තිබේ.
ඔවුන් ප්රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබීම කර ඇත්තේ, පිස්තෝල අවියකින් බවට සැක කරන බව, පොලීසිය සඳහන් කළේ ය.
වෙඩි තැබීමට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැත.