තවත් මාස 6කට වැසුණු 'පර්පෙචුවල් ට්‍රෙෂරීස්'

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට අත්හිටුවයි..

by Staff writer 05-07-2025 | 10:14 PM

COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවත් මාස හයකට අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, අදාළ සමාගම සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් කරගෙන යාමේ අරමුණින්, එම තීරණය ගත් බවයි.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම් පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ නියෝගවලට අනුව අදාළ විමර්ශනය ක්‍රියාත්මක වේ.