ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 12ක ජල කප්පාදුවක්

පෑලියගොඩ,වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 12ක ජල කප්පාදුවක්...

by Staff writer 04-07-2025 | 5:43 PM

COLOMBO (News 1st) - පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා (06) උදෑසන 8: 30 සිට පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ, විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදා හරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තුවක් හේතුවෙනි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක - සීදූව නගර සභා බල ප්‍රදේශවලට අදාළ කාලසීමාවේ ජල සැපයුම අත්හිටවනු ඇති.

ඊට අමතරව, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.