කඳාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්,පුද්ගලයෙකු මරුට

කඳානේ සිදුවූ වෙඩි තැබීමෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කල සමීර මනහර තුවාල ලබා ඇති අතර ඔහු සමග සිටි උපාලි කුලවර්ධන නැමැත්තා මියයයි.- පොලීසිය

by Staff writer 03-07-2025 | 10:35 AM

COLOMBO (News 1st) - කඳාන පොදු වෙළද සංකීර්ණය අසල වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ , හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතාගේ පෞද්ගලික ලේකම් සමීර මනහර මහතාගේ සමීපතමයෙක්

සමීර මනහර සහ ඔහුගේ සමීපතමයෙකු  වන උපාලි කුලවර්ධන නැමැත්තා අද(03) උදෑසන මෝටර් රථයක රැදී සිටියදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

සිද්ධියෙන් තුවාල ලැබුවන් රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු, උපාලි කුලවර්ධන නැමැත්තා මියගොස් තිබේ.