.webp)
කැපිටල් මහරාජා සමූහයේ වසරේ හොඳම විධායක නිලධාරීයා ලෙස, එස්ලෝන් ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින් ජයවර්ධන මහතා පිදුම් ලැබීය.
ඒ, රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ පැවැති කැපිටල් මහරාජා සමූහයේ වාර්ෂික සමුළුවේදීයී.
දකුණු අප්‍රිකාවේ දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා මෙන්ම අප්‍රිකානු කලාපයේ කෘතහස්ථ දේශපාලන නායකයෙකු වන තාබෝ ම්බෙකි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර සමුළුව පැවැත්විය.
කැපිටල් මහාරාජ සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතා, ආයතයේ ඉහළ කලමනාකාරීත්වය, ප්‍රභුවරුන් ඇතුලු විශේෂ ආරාධිතයින් මෙන්ම, කැපිටල් මහරාජා සමූහයේ විධායක නිලධාරීන් ඒ සඳහා එක්ව සිටියහ.
මේ සුවිශේෂී උත්සවය වාර්ෂිකව පැවැත්වෙන්නේ, කැපිටල් මහරාජා සමූහයේ ආයතන රැසක් හරහා, ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවාසීන්ට මාහැගි මෙහෙවරක් ඉටු කරන, අපගේ විධායක නිලධාරීන් ඇගයීම වෙනුවෙනි.