වෝල්කර් ටර්ක් හා NPP නායකයින් අතර හමුවක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් හා ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්....

by Staff writer 27-06-2025 | 9:59 AM

COLOMBO (News1st) -එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්  Mr. Volker Turk මහතා ප්

රමුඛ එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද (26) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්

රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායකයින් පිරිසක් හමුවයි. මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්

රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්

රධාන ලේකම් විශේෂඥ වෛද්

ය නිහාල් අබේසිංහ, ප්

රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්

ය  බිමල් රත්නායක, ග්

රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්

රජා සවිබලගැන්වීම් අමාත්

ය ආචාර්ය උපාලි පන්නිලගේ, කාන්තා හා ළමා කටයුතු අමාත්

ය සරෝජා පෝල්රාජ් යන අය සහභාගී විය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජන කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් Mr. Volker Turk මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්

රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Mr. Marc Andre Franche මහතා, ආසියා පැසිෆික් කලාපයේ ප්

රධානී (OHCHR) Mr. Rory Mungoven මහතා, මානව හිමිකම් නිලධාරී (OHCHR) Ms. Elaine Chan මහත්මිය, ජ්

යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක (Sri lanka) Ms. Laila Nazarili මහත්මිය සහභාගි විය.
ජාතික ජන බලවේග ආණ්ඩුව බිහි වීමත් සමග ශ්

රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ජාතිවාදයෙන් තොරව පාලනය කිරීම පිළිබඳව ඇති ප්

රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා සිය සතුට සහ විශ්වාසය ජාතික ජන බලවේගයේ නායකයින් වෙත පළකරනු ලැබීය. ත්

රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවරයන් පිළිබඳව, අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම යන කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ විශේෂ අවධානය යොමු විය.
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ලෙස නැවතත් ශ්

රීලංකාව තුළ ජාතිවාදය හෝ පීඩාකාරී මානව හිමිකම් කඩවීමේ සිදුවීම් ඇතිවීමට ඉඩකඩ නොතබන අතර එය ආණ්ඩුවේ ප්

රතිපත්තිය බව ජාතික ජන බලවේගයේ නායකයින් අවධාරණය කරනු ලැබීය. විශේෂයෙන්ම අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමත් ශ්

රී ලාංකීය ජාතියක් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි ක්

රියාමාර්ගයන් පිළිබඳවත් මෙම හමුවේදී ජාතික ජන බලවේගයේ නායකයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් වෙත අවධාරණය කරනු ලැබීය.