.webp)
ඒ, මෙවර සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම වෙනුවෙනි.
මෙවර වාර්ෂික සමුළුව පැවැත්වෙන්නේ හෙට(27) දිනයේදීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා පිළිගනු ලැබුවේ කැපිටල් මහරාජා සමූහයේ, සමූහ අධ්‍යක්ෂ, සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානී ශෙවාන් ඩැනියෙල් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරුන් විසිනි.
දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා දින කිහිපයක් මෙරට රැඳී සිටින අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ද නියමිතයි.
කොළඹදී තරුණ ව්‍යවසායකයින් හා ව්‍යාපාරික නායකයින් ද හමුවීමට නියමිතව ඇති අතර සති අන්තයේ ගම්මැද්ද වැඩසටහන සමග ද ඔහු සම්බන්ධ වීමට නියමිතව තිබේ.