.webp)
ඒ, මෙවර සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම වෙනුවෙනි.
මෙවර වාර්ෂික සමුළුව පැවැත්වෙන්නේ හෙට(27) දිනයේදීය.
දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා දින කිහිපයක් මෙරට රැඳී සිටින අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ද නියමිතයි.
කොළඹදී තරුණ ව්‍යවසායකයින් හා ව්‍යාපාරික නායකයින් ද හමුවීමට නියමිතව ඇති අතර සති අන්තයේ ගම්මැද්ද වැඩසටහන සමග ද ඔහු සම්බන්ධ වීමට නියමිතව තිබේ.
වර්ගභේදවාදයෙන් මුදවා දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට රැගෙන ආ එරට පළමු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලා මහතාගේ සමීපතම දේශපාලන සඟයා වූයේ තාබෝ ම්බෙකි මහතායි.
මැන්ඩෙලා ජනාධිපතිවරයාගේ අගමැතිවරයා වූයේ තාබෝ ම්බෙකී මහතායි.
මැන්ඩෙලා පාලනය අවසන් වීමත් සමග 1999 වසරේ දකුණු අප්‍රිකාවේ දෙවන ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා ලෙස පත්වූ තාබෝ ම්බෙකි මහතා 2008 වසරේ සැප්තැම්බර් දක්වා එම ධුරයේ කටයුතු කළේය.
අප්‍රිකානු කලාපයේ කාර්මික දියුණුව කරා ශීඝ්‍රයෙන් ළඟා වූ රාජ්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ පුරෝගාමියා වූයේද ම්බෙකී මහතායි.