by Staff writer 25-06-2025 | 9:07 AM
COLOMBO (News 1st) - අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22 කුගේ පන්ති තහනම් කර තිබේ.ඒ එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවක වදය ලබා දීමේ සිද්ධියක් මුල් කර ගනිමින්.
අග්නිදිග විශ්ව විද්‍යාලයේ ලේඛාධිකාරි එම්.අයි නවුපර් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවයි
පසුගිය දිනෙක එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට එම පීඨයේම දෙවැනි වසරේ සිසුන් පිරිසක් විසින් නවකවදය ලබා දී තිබුණි.
ඊට අදාළ විඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග පාලනධිකරිය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අක්කරපත්තුව පොලීසිය විසින්ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.