සජින් ද වාස් ගුණවර්ධනට අධිකරණයෙන් වරෙන්තු...

හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට අධිකරණයෙන් වරෙන්තු...

by Staff writer 23-06-2025 | 7:58 PM

COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 369 ආදායම් බදු නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) වරෙන්තු නිකුත් කළේ ය.

ඒ ඔහු 2010-2012 වර්ෂවලට අදාළව ගෙවීමට නියමිතව තිබූ ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා 2023 වසරේදී පවරා තිබූ නඩුවක් අද යළි කැඳ වූ අවස්ථාවේදීයි.