.webp)
ඒ කලාපය තුළ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඒ අනුව ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රි ලාංකිකයින් ඇතුළු විදේශිකයින්ගේ ජූනි 12 වැනිදායින් පසු අවසන් වන සාමාන්‍ය රැකියා වීසා ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක් සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බවයි.
මේ වන විට 20,000 ක පමණ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටී.
ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවදානයෙන් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.
එම කාර්යාංශය පැවසුවේ විදේශගැටුම්කාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර වුවහොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමටද රජය සූදානමින් සිටින බවයි.
පවතින තත්ත්වය සමනය වන තෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඊශ්‍රායල් වෙත යැවීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.