.webp)
පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතව තිබේ.
මෙවර පළාත් පාළන ඡන්ද විමසීමේදී, ජාතික ජන බලවේගය, කොළඹ මහ නගර සභාව ජය ගත්තේ ය.
එහෙත්, එහි බහුතර බලයක් ලබාගැනීමට ඔවුන්ට හැකිවූයේ නැහැ.
ඒ අනූව ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවෙන් හිමිවූ සභික ධුර සංඛ්‍යාව 48 කි.
සමඟි ජන බලවේගය සභික ධුර 29 ක් සහ එක්සත් ජාතික පක්ෂය සභික ධුර 13 ක් හිමිකර ගත්තේ ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කොළඹින් හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 5 කි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සභික ධුර 4 ක් දිනා ගත්තේ ය.
ස්වාධීන කණ්ඩායම් අංක තුන, මන්ත්‍රී ආසන තුනක් දිනා ගනිද්දී, ස්වාධීන කණ්ඩායම් 04 සහ 05 ආසන දෙක බැගින් හිමිකර ගෙන තිබේ.
ජාතික ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කරන්නේ, ව්‍රායි ඛැලී බර්තසාර් මහත්මියයි.
සමඟි ජන බලවේගයේ රිසා ෆාරුක් මහතා නගරාධිපති ධුරයට තරග වදින්නේ, විපක්ෂයේ පක්ෂවල ද,සහයෙන්ය
කොළඹ මහ නගර සභාවේ බලය තහවුරු කරගැනීමට නම්, සභික ධුර 117 න්, 59 ක් හිමිකර ගත යුතුයි.