.webp)
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට පස්වරුවේ වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත්, උතුර, උතුරු මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් සුළං වේගය, පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකිවේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි.
මේ අතර හාලවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මෙන්ම, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකියි.
මේ අතර දිස්ත්‍රික්ක හතකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක වේ.
එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුරයි.
කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළව ඉරිතලා යෑම් ඇතුළු තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.මේ අතර පවතින තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හානි වූ යාත්‍රා පිළිබඳ තොරතුරු ලබා දෙන්නැයි, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කළේ, ප්‍රාදේශීය ධීවර අධ්‍යක්ෂවරුන් හරහා ඒ පිළිබඳ දැනුම් දිය හැකි බවයි.
ඉන් අනතුරුව, යාත්‍රා අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.