ඉන්දියාවේ අධික උෂ්ණත්වයක්

ඉන්දියාවේ අධික උෂ්ණත්වයක් දිල්ලියට රතු අනතුරු ඇඟවීමක්..

by Staff writer 12-06-2025 | 10:23 AM

COLOMBO (News1st) - ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවන බැවින්, අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා අනතුරු ඇඟවීමේ උපදෙස් ලබා දී ඇත.

ජම්මු හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.4 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ජුනි මාසයේදී වාර්තා වූ ඉහළම උෂ්ණත්වයන්ගෙන් එකක් බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.