රග්බි ලෝලීන්ට සිරසෙන් සුපිරි වැඩක්...

ආසියානු කලාපයෙන් රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‍ නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය සිරස TV සහ Yes FM හිමිකර ගනී..

by Staff writer 12-06-2025 | 7:58 PM

COLOMBO (News 1st) - ආසියානු කලාපයෙන් රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය සිරස TV සහ Yes FM හිමිකර ගත්තේ ය.

ඒ සඳහා නිල එකඟතා ගිවිසුමට අද (12) එළැඹුනේ බ්‍රේබෘක් පෙදෙසේ පිහිටි සිරස මූලස්ථානයේදීයි.

ශ්‍රී ලංකා රග්බි, සිරස TV සහ Yes FM අත්වැල් බැඳ ගැනීමට අදාළ එකඟතා ගිවිසුමට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකා රග්බි අතුරු කමිටු සභාපති හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා සහ කැපිටල් මහරාජා සමූහයේ, සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා එක් විය.

එම අවස්ථාවට සිරස මාධ්‍ය ජාලයේ MTV ප්‍රධාන මෙහෙයුම් නිලධාරි යසරත් කමල්සිරි මහතා, එම් බී.සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරි බුද්ධි වික්‍රමනායක මහතා, ප්‍රවර්ධන අධ්‍යක්ෂ චාමික රොෂාන් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

ආසියානු කලාපයෙන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා සහ දකුණු කොරියා කණ්ඩායම් අතර තරගය හෙට (13) කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙයි.

තරගය පස්වරු 04.00ට ආරම්භ කිරීමට නියමිතයි.

තරගය නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවේ.