පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රවාහන සේවා අද සිට..

ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට..

by Staff writer 09-06-2025 | 6:28 AM

COLOMBO (News 1st) - ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වෙයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, අද සිට 13 වැනිදා දක්වා අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක බවයි.

අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා කිසිදු අය කිරීමකින් තොරව ගමන් වාර 36 ක් ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර, පොසෙන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර බලා යන බැතිමතුන්ගේ පහසුව සඳහා බස් රථ 200 ක් ධාවනයට එක්කර ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

ගමනාගමන මණ්ඩලය පැවසුවේ කොළඹ සිට දෛනික කාලසටහන්වලට අමතරව එම බස් රථ ධාවනයට එක්කර ඇති බවයි.