.webp)
නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව මුස්ලිම් ප්‍රජාව ඊද්-උල්-අල්හා හෙවත් හජ් උත්සවය සමරන්නේ සමගිය හා සාමුහිකත්වය පෙරදැරිවයි.
ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කෙරෙයි.
එම උත්සවය සමරන්නේ, අල්ලා දෙවියන් ඊබ්‍රාහිම් නබි තුමාට දුන් අණක් පිළිපැදීම සදහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන් ය.
ඉස්ලාම් බැතිමතුන් සතු පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැළකෙන්නේ ද, හජ් වන්දනාවයි.
මෙම දිනයට සමගාමීව ඉස්ලාම් දහමට අනුව පංච මහා වගකීම් වලින් එකක් වන හජ් වන්දනාව සිදු කෙරෙයි.
කොළඹ නගරයේ සහ දිවයිනේ පළාත් කිහිපයකම හජ් උත්සවය වෙනුවෙන් අද උදෑසන ආගමික වතාවත් සිදු කිරීමට නියමිතයි.
කොළඹ මුස්ලිම් මහ පල්ලියේ හා දවටගහ ජුම්මා පල්ලියේද ඊට සමගාමීව ආගමික වතාවත් සිදු කෙරෙනු ඇති.