ලක්ෂ 20කට විකිණීමට ගිය වාලම්පූරියක් පොලිස් භාරයට

රුපියල් ලක්ෂ 20කට විකිණීමට ගිය වාලම්පුරියක් අවුරුදු 20ක තරුණයෙක් සමග පොලිස් භාරයට

by Staff writer 03-06-2025 | 11:40 AM

COLOMBO (News 1st) - ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමකින් රුපියල් ලක්ෂ 20ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පුරියක් ඊයේ (02) පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, වාලම්පුරිය විකිණීමට තැත්කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.