කොළඹ ගස් හා අතු කඩා වැටීම් 35 ක්...

තද වැසි සහ සුළං හේතුවෙන් කොළඹ ගස් හා අතු කඩා වැටීම් 35 ක්...

by Staff writer 01-06-2025 | 8:37 AM

COLOMBO (News 1st) - තද වැසි සහ සුළං හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ගස් සහ අතු කඩා වැටීම්, 35ක් පමණ වාර්තා වී තිබේ.

කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, ඉන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ඉඩම් ආශ්‍රිතව වාර්තා වී ඇති බවයි.

විහාර මහාදේවි උද්‍යානයේ ගස් හා අතු කඩා වැටීම් 10ක් වාර්තා වී ඇත.

අවදානම් සහිත ගස් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් 5ක් යොමු කර ඇතැයි, කොළඹ මහ නගර සභාව සඳහන් කළේ ය.