.webp)
බස්නාහිර , සබරගමුව පළාත්වල මෙන්ම නුවරඑළිය , මහනුවර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් , උතුරු , උතුරුමැද සහ වයඹ පළාත් වල මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තද සුළං ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් ජනතාවට දැනුම් දෙන්නේය.
අනතුරු ඇඟවීමේ නිවේදන නොසලකා ධීවර කටයුතු සඳහා ගිය ධීවරයින් කිහිප දෙනෙකුම අනතුරුට ලක්ව ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ නැවත දැනුම් දෙන තුරුම ධීවර කටයුතු සඳහා නොයන ලෙසයි.