.webp)
ඒ, මෙරට මුහුදු තීරය සම්බන්ධයෙන් නිකුත් කළ කාලගුණ අනාවැකි සැලකිල්ලට ගනිමින්.
කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 - 50ත් දක්වා ඉහල යා හැකි අතර එය විටින් විට පැයට කිලෝමීටර් 60 - 70 ත් දක්වා වැඩිවිය හැකි බවයි.
හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 50 - 60ත් දක්වා පමණ දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.