.webp)
පෙත්සම ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසිනි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා, විශ්ව විද්‍යාල විනය කමිටුව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යවරිය, අධිකරණ අමාත්‍යවරයා, පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ , විශ්වවිද්‍යාලවල නවක වදය අවසන් කිරීම අරමුණු කර ගනිමින් පෙත්සම ගොනු කළ බවයි.
2025 අප්‍රේල් 26 වන දින සබරගමුව විශ්ව විද්‍යාලයේ චරිත් දිල්ෂාන් යන සිසුවා ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අඛණ්ඩ සහ මිලේච්ඡ නවක වදයට ලක් කරන ලද බවත්, ඉන් ඔහුට සිදු වූ ඛේදවාචකය කම්පා සහගත බව පෙත්සම මගින් කියා සිටියි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ බලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, පොලීසිය සහ අනෙකුත් වගකිව යුතු පිරිස් නවක වදයට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමට සහ සිසුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම, මෙම ඛේදවාචකයන්ට හේතු වී ඇති බව පෙත්සම්කරුවන් චෝදනා කරයි.
පෙත්සමින් පෙන්වා දෙන්නේ වධහිංසනයට හෝ කෲර, අමානුෂික සැලකිල්ලකට භාජනය නොවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 11 වගන්ති යටතේ අයිතියක් ඇති බවත් එම නවක වද සිදුවීම් තුළින් එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.