.webp)
වෘත්තීය සමිති 02කට අයත් පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද(27) උදෑසන 8.00 සිට වැඩවර්ජනයක නිරත වන්නේ පුද්ගලික හා විදේශීය විශ්වවිද්‍යාලවල සිසුන් පරිපුරක වෛද්‍ය සේවාවට බඳවා ගැනීමට විරෝධය පළ කරමිනි.
පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ සිය ඉල්ලීම සඳහා ප්‍රතිචාර නොලැබුණහොත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.