මේමස මුල් දින 21දී සංචාරකයින් 90,000ක් මෙරටට

මේ මාසයේ මුල් දින 21 තුළ සංචාරකයින් 90,000ක් මෙරටට

by Staff writer 25-05-2025 | 8:54 PM

COLOMBO (News 1st)-මේ මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා තිබේ.

එය සටහන් වන්නේ 91,785ක් ලෙසයි.

ඉන් වැඩිම පිරිසක් වන 31,635ක ප්‍රමාණයක් මෙරටට පැමින ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් ය.

එක්සත් රාජධානියෙන් සංචාරකයින් 6195 දෙනෙකුද , චීනයෙන් සංචාරකයින් 6043 දෙනෙකු සහ ජර්මනියෙන් සංචාරකයින් 5526 දෙනෙකු මේ මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණ තිබේ.