.webp)
ඒ අනුව මැයි 25 වැනිදා පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන්, ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩාලය පවසයි.
ඒ අනුව කොළඹ 1 සිට 15 දක්වා,කෝට්ටේ කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසක් සඳහා ජල සැපයුම අත්හිටුවනු ඇත.
ඊට අමතරව බත්තරමුල්ල, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, අයිඩීඑච්, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ඇති.
ජල සම්පාදන මණ්ඩලය, පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ, ජලය එක් රැස් කර තබා ගන්නා ලෙසයි.