.webp)
ඊශ්‍රායලය පසුගිය සිකුරාදා සිට ගාසා තීරයේ සිය හමුදා මෙහෙයුම් වැඩි කළේ ය.
ඒ අනුව ගතවු පැය 24 තුළ පමණක් ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ගාසා තීරයේ මියගොස් ඇති පලස්තීනුවන් ගණන 83 කි.
මේ අතර ගාසා තීරයේ ළමුන්ගෙන් 93% කට අධික පිරිසක් එනම්, නව ලක්ෂ 30,000 ක් පමණ තවමත් සාගත තත්ත්වයක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.
ඒ පසුගිය මාර්තු 02 වන දින සිට ගාසා තීරයට ආහාර හෝ ආධාර ට්‍රක් රථ ඇතුළු වීම ඊශ්‍රායලය විසින් අවහිර කර ඇති පසුබිමකදියි.