.webp)
COLOMBO (News1st) -
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමින් සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ ඒ අනුව නිලධාරීන් 4,530 කට ස්ථිර පත්වීම් ලබාදෙන බවයි.
මේ තුළින් විදුලි වැට නඩත්තු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට විදුලි වැට කිලෝ මීටර් 5000කට අධික ප්‍රමාණයක ඉදිකර ඇති බවයි.