.webp)
ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා පැවසූවේ, විත්තිය විසින් ඉල්ලා සිටිනු ලැබූ ඇතැම් ලේඛන අද (21) දින විවෘත අධිකරණයේ ඉදිරියේ ලබාදෙන බවයි.
ඇතැම් ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂාවට ලක්කර ලබාදිය යුතු බැවින් එම ලේඛන ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කියා සිටියේ පැමිණිල්ල විසින් සියලු ලේඛන ලබාදීමෙන් අනතුරුව විත්තියේ ස්ථාවරය අධිකරණයට දැනුම්දෙන බවයි.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වැනිදා නැවත කැඳවීමට දින නියම කළේ ය.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි චෝදනා කරමින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.